brand logo

ජොන්ස්ටන් ත්‍රීවීලර් එකේ

15 September 2019

පසුගිය සතියේ ගෝඨාභයගේ මීරිගම නිවසේ එවැනි එක් ‘කැම්පේන් මීටින් එකක්’ පැවැත්විණි. ඒ සඳහා සහභාගි වීමට පැමිණෙමින් සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු නාරාහේන්පිට දී විශාල වාහන තදබදයකට මුහුණ දුන්නේය. එය නිමා නොවන බව දුටු ජොනී වහාම ත්‍රිරෝද රියකට නැගුණේ ය. ඉන්පසුව අතුරුපාරවල් හරහා එහා මෙහා ගමන් කළ ජොනිී ගෝඨාගේ නිවසට එන විට ‘මීටින් එක’ අවසන් අදියරට ළඟාවෙමින් සිටියේ ය. “මට සමාවෙන්න ඕනේ... මම ප්‍රමාද වුණේ ලොකු ට්‍රැෆික් එකකට මුහුණ දීපු හින්දා...’’ ජොනී කීවේය. “ඕකත් අපේ රටේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි... අපි ගමනක් යන්න එළියට බැස්සම පැය ගාණක් පාරේ රස්තියාදු වෙන්න ඕනේ... මම ඒ ගැනත් අවධානය යොමු කරලයි තියෙන්නේ... වෙන රටවල ප්‍රවීණයෝ එක්කත් කතා කරලා අපි මේ තදබදයට විසඳුමක් දෙන්න ඕනේ...’’ ගෝඨාභය කීවේය.
 

More News..