brand logo

ජොන්ස්ටන් එක් නඩුවකින් නිදොස් කොට නිදහස්

29 January 2019

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය වාර්ෂික වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ බවට චෝදනා එල්ල වී සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත. 2010 වසරේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබුණු අතර දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුවක ප්‍රකාශයට පත් කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම ඉදිරිපත් කළ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බව සිය තීන්දුවෙන් සඳහන් කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව විත්තිකරු අදාළ චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන බව විනිසුරුවරිය සිය තීන්දුවෙන් සඳහන් කර ඇත.
 

More News..