brand logo

ජොන්ස්ටන්ට එරෙහි නඩු තීන්දුව ජනවාරි 29 වනදා

02 January 2019

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශය ඉදිරිපත් නොකළ බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවලට අදාළ තීන්දුව මෙම මස 29 වනදා ප්‍රකාශ කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නිවේදනය කරයි. එම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී පාර්ශව කරුවන් විසින් නඩුවට අදාළ ලිඛිත දේශන අධිකරණ වෙත බාර දී ඇත. කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නඩුවලට අදාළ තීන්දුව මෙම මස 29 වන දින ප්‍රකාශ කරන බව නිවේදනය කර ඇති බව සඳහන් වෙයි. අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් 2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශය ඉදිරිපත් නොකිරීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් මන්ත්‍රීවරයාට එරෙහිව අල්ලස් කොමිසම නඩු 5ක් ගොනු කර ඇත.
 

More News..