brand logo

ජේ ශ්‍රී රංගා සහ වව්නියාව හිටපු පොලිස් අධිකාරිගේ බී වාර්තා දින 3 කින් ලබාදෙන ලෙස දැනුම් දෙයි

01 November 2019

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා සහ වවුනියාවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.සේනාරත්න සම්බන්ධ සම්පූර්ණ බී වාර්තා සම්පිණ්ඩන දින 3 ක් තුළ ලබාදෙන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම්දී ඇත. එහිදී දන්වා ඇත්තේ ඒ සඳහා ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙසය ඒ සම්බන්ධයෙන් පොලීසිය ක්‍රියාත්මක නොවීම පිළිබඳව නීතිපතිවරයාගේ අවධානය යොමුවූ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න සඳහන් කළේය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා සහ වවුනියාවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු 06 දෙනා අත්අඩංගුවට ගෙන තිබුනේ රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව වන අතර ඔවුන් පසුගියදා ඇප මත මුදා හැර ඇත.
 

More News..