brand logo

ජේතවන දාගැබේ පැළීම් හොයන්න ඩ්‍රෝන කැමරා යවයි

11 February 2020

අටමස්ථානයට අයත් ජේතවනාරාම දාගැබේ ඇතිවී තිබෙන පැළුම් කීපයක් සම්බන්ධයෙන් ඩ්‍රෝන කැමරා යොදාගෙන දිනපතා නිරීක්ෂණ කරන බව පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක පැවසීය. ජේතවනාරාම දාගැබේ හතරැස් කොටුවට ඉහළින් පිහිටි කොත්කැරැල්ල දක්වා වූ කොටසට 2014 වසරේදී අකුණක් වැදී ඇත. 2016 වසරේ සිට පැළුම් ලක්ෂණ දැකිය හැකි වූ අතර අකුණු සැර නිසා මෙම පැළුම් ඇති වන්නට ඇතැයි සැක කෙරේ. දාගැබේ පැළුම් කීපයක් දැකීමට ඇත. එක් පැළුමක් අඟල් 09ක් පමණ වෙයි. එම පැළුම් දාගැබ අභ්‍යන්තරය දක්වා විහිදී ඇත. මෙම පැළුම් සම්බන්ධව සොයා බැලීමට විද්වත් කමිටුවකට භාර දෙන බවත්, පැළුම් ඉක්මනින් පිළිසකර කිරීමට කටයුතු යොදන බවත් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.   සාලිය කුමාර ගුණසේකර
 

More News..