brand logo

ජේතවනය සීගිරිය නොපෙනෙන සංස්කෘතික අරමුදල

14 September 2019

‘සංස්කෘතික අරමුදලට’ පටහැනි ආකාරයට පවා විහාරස්ථානවලට මුදල් ආධාර ලබා දීමට කටයුතු කරන එම අරමුදලේ බලධාරින් ජේතවනාරාම හා සීගිරිය පිහිටි කෞතුකාගාර අලුත්වැඩියා කිරීමට කටයුතු නොකරන බවට වාර්තා වේ. ජේතවනාරාමයේ කෞතුකාගාරය වසර විස්සකට වැඩි කාලයක සිට අලුත්වැඩියා කර නොමැති බව එම අරමුදලේ උසස් නිලධාරියෙක් පැවසීය. එම ගොඩනැගිල්ල අබලන් තත්ත්වයට පත්ව තිබේ. සීගිරියේ කෞතුකාගාරය පිහිටි ගොඩනැගිල්ලේ අඩක් පමණක් මීට වසර කිහිපයකට පෙර තීන්ත ආලේප කරන ලදී. එහෙත් එය සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොමැති වීමෙන් වැඩ අඩාළ වී ඇත. එම ගොඩනැගිල්ලේ ඇති වායුසමීකරණ පද්ධතිය, වැසිකිළි පද්ධතිය මෙන්ම ජල පහසුකම්වලටද ගැටලු මතුව තිබේ. කෙසේ වෙතත් දෛනිකව එම ස්ථාන නැරඹීමට පැමිණෙන විදේශිකයන්ට විශාල මුදලකට ටිකට්පතක් අලෙවි කෙරෙයි. සීගිරියට රුපියල් පන්දහසක්ද, අනුරාධපුරයට රුපියල් පන්දහසක් සහ පොළොන්නරුවට රුපියල් තුන්දහස් පන්සියයක් වශයෙන් මුදල් අය කෙරේ.
 

More News..