brand logo

ජෙෆ්රි ඇලෝසියස්ට විදේශගත වීම සඳහා ලබා දී තිබූ අවසරය අත්හිටුවීමට නියෝග

20 June 2019

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ජෝෂෆ් ඇලෝසියස් මහතාට විදේශගත වීම සඳහා ලබා දී තිබූ අවසරය අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර ඇත. ඒ, නීතිපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ගොනු කරමින් කළ ඉල්ලීමට අනුව වන අතර සිය දියණියකගේ විවාහ මංගල උත්සවයකට සහභාගී වීම සඳහා ජුලි මස පළමු වන දා සිට 11 වන දා දක්වා සිංගප්පූරුව බලා යාමට ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස් මහතාට පසුගිය 13 වන දා අධිකරණය අවසර ලබා දී ඇත. නීතිපතිවරයා සිය මෝසම මගින් අධිකරණයට පෙන්වා දී ඇත්තේ මෙම සැකකරු ඇතුළු සැකකරුවන් 10 දෙනෙකුට එරෙහිව විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පැවරීමට කඩිනමින් ක්‍රියා කරන බව වන අතර එබැවින් නඩුවේ 5 වන සැකකාර ජෙෆ්රි ජෝෂෆ් ඇලෝසියස් මහතාට විදේශගත වීමට අවසර ලබා දීමෙන් ඔහු අධිකරණය මගහැර සිටීමේ ප්‍රවණතාවක් පවතින බව ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණයට පෙන්වා දී තිබේ.
 

More News..