brand logo

ජෙනිෆර් ලෝපේස් කෙනෙක් වෙන්න ඕනේ නැහැ - නෙහාරා පීරිස්

28 December 2019

පුද්ගලික දිවියේ හා කලා දිවියේ 2020 වෙනුවෙත් ඇති සැලසුම් මොනවද? පුද්ගලික දිවියේත් කලා දිවියේත් අලුත් බලාපො​ෙරාත්තු දෙකක් තියෙනව. ඒ දේවල් රහසක් විදිහට තියාගන්න තමයි මම කැමති. ඒ බලාපො​ෙරාත්තු ඉටු වුණහම කියන්නම්කො. ඔබ දෙදෙනා අරඹන්න සැලසුම් කර ඇති අලුත්ම ව්‍යාපාරයත් ඇත්තේ සැඟවුණ බලාපොරොත්තු අතරද? ම්ම්... නැහැ ඒක දැන් ප්‍රසිද්ධ කාරණයක්. මේ ජනවාරි මාසයේ අපි ඩාන්සින් ස්ටුඩියෝ එකක් ආරම්භ කරනව නෙහාරා ඩාන්සින් ස්ටුඩියෝ නමින්. එහි දී අප වෘත්තීය මට්ටමේ නර්තන ගුරුවරු යොදාගෙන හැම නර්තන ශෛලියම උගන්වන්න සැලසුම් කරල තියෙනව. තමන්ගේ ශරීරයේ හැඩය පවත්වාගෙන නර්තනය හදාරන්න කැමති අයට අපේ ඩාන්සින් ස්ටුඩියෝ එක විවෘතයි. ඔබත් මෙහි නර්තන ගුරුවරියක්ද? නැහැ. පසුගිය දා ඔබ ඔබගේ කලා දිවියේ තවත් අලුත් පියවරක් තැබුවා නේද? ඔව් ඇස් ළඟ නමින් මගේ අලුත්ම ගීතය හා මියුසික් වීඩියෝව පසුගිය මාසයේ මගේ රසිකයන්ට තිළිණ කළා. රංගනයෙන් හා නර්තනයෙන් ඇති තරම් ජනප්‍රියත්වය ලබා ඇති ඔබ ගායිකාවක් විදිහට මෙවැනි පියවරක් තබන්න හිතුවේ ඇයි? මම කැමති නැහැ මම ගායිකාවක් කියල හඳුන්වන්න. මම කැමති එන්ටර්ටේනර් කෙනෙක් විදිහට හඳුන්වනවට. මම ගොඩක් ආදරය කරන කෙනෙක් තමයි ජෙනිෆර් ලොපේස් ඇය නිළියක්, ගායිකාවක්, ඩාන්සර් කෙනෙක් හා නිවේදිකාවක් ලෙස ලෝකය ජයගත් එන්ටර්ටේනර් කෙනෙක්. ලංකාව ඇතු​ළෙ තවත් ජෙනිෆර් ලොපේස් කෙනෙක් නිර්මාණය කිරීමද ඔබගේ අරමුණ නැහැ. මට තවත් ජෙනිෆර් ලොපේස් කෙනෙක් වෙන්න ඕන වුණේ නැහැ. මම මටම කියල අනන්‍යතාවක් ගොඩනගන්න කැමති කෙනෙක්. නමුත් ඇගේ ජීවිතයෙන් මට ගන්න දේවල් තිබුණා. මේ ගීතය එක්ක නෙහාරාගේ ජනප්‍රියත්වය ඉහළ ගිහින්ද? මං හිතනව මට ආදරය කරන අය මම මොනව කළත් කුතුහලයෙන් බලා ඉන්නවනෙ. මට ආදරය කරන්නෙ නැති අයත් මට බණින්න හරි මොනව හරි කියන්න හරි මෙයා මොනවද කරල තියෙන්නෙ කියලා බලනවනෙ. ආදරය කරන අය හොඳ ප්‍රතිචාර දක්වනව මට බණින්න බලන් ඉන්න අය ඒක බලල ඔවුන්ගෙ ප්‍රතිචාරය දක්වනව. 2020 ට තව භාරගත්ත වැඩ මොනවද? සුනිල් කොස්තා මහත්මයගෙ නිර්මාණයක චරිතයක් භාරගත්තා. ඒක අන්ධ ගොළු තරුණියකගේ චරිතයක්. ලැබෙන ආරාධනා කැමති චරිත භාරගන්නව. නමුත් පුද්ගලික දිවියේත් සැලසුම් තියෙන නිසා ඒ ගැනත් හිතල තමයි වැඩ භාරගන්නෙ. මේනක නෙහාරා යළිත් තිරයේ පෙම්වතුන් කරන පසුබිමක් නැතිද? අපි ලංකාවට ආපු අලුතම ‘අපිට සැදුන අපේ ලෝකයේ’ කියල චිත්‍රපටයක් කළේ මමයි මේනකයි. දෙමවුපියන් විදිහට එහි රඟපෑවා. ඒක ළමා චිත්‍රපටයක්. ගෘහණිය බිරිය කියන භුමිකාවට නෙහාරා දැඩිව ඇලුම් කළත් කලාව ඔබ ඇද බැඳ තබාගන්නවා වගේයි. කලාවේ වැඩවලට මම අකමැති නැහැ. වෙලාවට කලාවට තියෙන කැමැත්ත නිසා වැඩ කරන්න ආසයි. මම අවුරුදු තුනක් වැඩ නොකර ඉඳල ආපහු කරන්න පටන් ගත්ත නිසා මාව අලුත් වෙලා කියල හිතෙනව. මේනක නෙහාරා කැදැල්ල ඇතුළේ ඔබ සාර්ථක ගෘහණියක්ද? ඇමරිකාවට යන්න කලින් මමයි මේනකයි විතරක් කිරුළපන ගෙදර පදිංචිවෙලා හිටියත් ගෙදරදි මම තමයි ගෙදර වැඩ ඔක්කොම කළේ. ඇමරිකාවෙදිත් එහෙමයි. මේ සැරේ ලංකාවට ආවට පස්සෙ අපි අම්මියි ඩැඩියි එක්ක ඉන්න නිසා මට වැඩ කරන්න වෙන්නෙ නැහැ. ගෙදර වැඩවලට මේනකගෙන් උදව්වක් නැතිද? මේනක උදවු වෙන්න අහනව. ඒත් මම කැමති නැහැ එයා මහන්සි වෙනවට. උදව්වක් ඕන උනොත් මම ඒක කියනව. අම්මයි ඩැඩියිත් එක්ක අපි ඉන්න නිසා වැඩ කරගන්න පහසුයි. ලස්සන වෙන්න මොනවද කරන්නෙ කියල රසිකාවියන්ටත් කියන්න පුළුවන්ද? මම මොනවත් ආලේපන ගල්වන්නෙ නැති කෙනෙක්. නමුත් මම මගේ ශරීර සොඛ්‍ය රැකගන්න අවශ්‍ය ව්‍යායාම කරනව හොඳ පෝෂ්‍යදායී ආහාර ගන්නව. ඔබේ සිහින් සිරුර ඔබටම ආවේණික දෙයක්ද? අපෝ නැහැ. මම මහත් වෙන ශරීරයක් තියෙන කෙනෙක්. පුංචි කාලෙ මම බෝලයක් වගේ මහතයි. යොවුන් වියේදිත් පිරිපුන් ශරීරයක් තිබුණා. පස්සෙ මම ආහාර පාලනයෙන් සහ ව්‍යායාමවලින් තමයි සිරුරේ සිහින් බව පවත්වා ගෙන යන්නෙ. මේනක ආව දවසෙ ඉඳන්ම කාර්යබහුලයි හුස්ම ගන්නවත් වෙලාවක් නැති තරම්. සුරංජි පතිරණ
 

More News..