brand logo

ජූලි මැදදී ගුවන් ගමන් ඇරඹීමේ සූදානමක්

16 June 2020

විදෙස් සංචාරකයන් සඳහා රට නැවත විවෘත කිරීමට රජය සැලසුම් කර ඇති දිනයට වඩා සති දෙකකට පෙර එනම් ජූලි මාසයේ මැද භාගය වන විට ශ්‍රී ලංකාවට නැවත ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානම් බව මෙරටට පියාසර කරන සියලු ගුවන් සමාගම් බහුතරයක් ප්‍රකාශ කර ඇත. ලබන අගෝස්තු පළමු වැනිදා වනවිට විදෙස් සංචාරකයන්ට නැවත ගුවන් තොටුපොළ විවෘත කිරීමට සූදානම් බව රජය මේ වනවිට ප්‍රකාශ කර ඇති අතර ඊට සමගාමීව මෙලෙස ගුවන් සමාගම් හැටකට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන ගුවන් සමාගම් නියෝජිත මණ්ඩලය ජූලි 15 වැනිදා වනවිට මෙරටට ගුවන් ගමන් ආරම්භ කිරීමට කැමැත්ත පළකර තිබේ. මෙලෙස ගුවන් සමාගම් සිය කැමැත්ත ප්‍රකාශ කර ඇත්තේ පසුගිය සතියේ අගමැති මහින්ද රාජපක්ෂ සහ සංචාරක කර්මාන්තය සම්බන්ධ කණ්ඩායම්වල නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවකදීය. අගමැතිවරයා මෙහිදී ගුවන් සමාගම්වලට ප්‍රකාශ කර ඇත්තේ විෂය භාර ඇමැති ප්‍රසන්න රණතුංග, සෞඛය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය සමග නිවැරදි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන්ට ප්‍රමුඛතාව ලබාදෙමින් ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කොට අවසන් එකඟතාවකට පැමිණෙන ලෙසයි. නයන තරංග ගමගේ
 

More News..