ජූලි අපනයන ආදායම ඉහළට
03 August 2020
ජූලි අපනයන ආදායම ඉහළට
03 August 2020
පසුගිය ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන එක්දහස් හැටක් ලෙස වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.
මෙය ජූනි මාසයේ වාර්තා කළ ඇමෙරිකානු ඩොලර් මිලියන එක්දහස් විස්සක් සහ 2019 ජූලි මාසයේ දී ලබා ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන නවසිය අනූනවයක අපනයන ආදායම් අගයන් ඉක්මවා තිබීම විශේෂත්වයකි.
ඒ අනුව ජූලි මාසයේ අපනයන ආදායම මාසික පදනම මත 3.92%කින් හා වාර්ෂික පදනම මත 6.10%කින් වර්ධනය වී තිබේ.
මෙම වසරේ මුල් මාස හතේදී ශ්‍රී ලංකාව උපයා ඇති අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන පන්දහස් හත්සිය හතළිස් හතක් ලෙස වාර්තා වේ.
ශ්‍රී ලංකාවට 1977දී විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දීමෙන් පසු ඉතිහාසයේ පළමු වතාවට මෙම වසරේ ජූනි මාසයේදී මෙරට අපනයන ආදායම ආනයන වියදම ඉක්මවා ගොස් ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පසුගියදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කීවේය
නයන තරංග ගමගේ