brand logo

ජුනි 21 සංචරණ සීමා ඉවත් කිරීමට පෙර රට පුරා පරීක්ෂණ මාලාවක්

16 June 2021

ලබන 21 වැනිදා සංචරණ සීමා ඉවත් කිරීමට ප්‍රථම සමාජය තුළ කෙතරම් දුරට කොවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වී ඇතිදැයි සෙවීම සදහා දිවයිනපුරා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ මාලාවක් ආරම්භ කර තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ වැඩිකරන ලෙසට මේ වන විට ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් දී ඇති බවයි. එම පරීක්ෂණ මගින් මෙරට තුළ කොවිඩ් ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය ගැන යම් අදහසක් ලබා ගත හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි. කෙසේ වෙතත් දෛනිකව සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ ද ඒ ආකාරයෙන් සිදුවන බව ඔහු පැවසීය.
 

More News..