brand logo

G.L- කබ්රාල් -අලි සබ්රි -ඩිල්ෂාන් - පොහොට්ටු ජාතික ලැයිස්තුව මෙන්න

19 March 2020

එළඹෙන මහ මැතිවරණය සඳහා ජාතික ලැයිස්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ නම ලේඛණය ප්‍රකාශයට පත් කර තිඛේ. 29 දෙනෙකුගෙන් යුත් මෙම ලැයිස්තුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් සහ එහි මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ද ඇතුලත්. එමෙන්ම හිටපු ආණ්ඩුකාරවරුන් වන මහාචාර්ය තිස්ස විතාරන සහ සීතා අරඹේපොල මහත්මිය ද ජාතික ලැයිස්තුවට නම් කර ඇත. මීට අමතරව ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට ඇතුලත්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ්‍යෂ්ට උප සභාපතිවරයෙකු වන මහචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සහ හිටපු ක්‍රීකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ද ජාතික ලැයිස්තුවට නම් කර තිඛේ.    
 

More News..