brand logo

ජීවිත ආරක්ෂාව නොසලකා වාසය කරන පිරිස් ඉවත් කිරීමට පොලීසිය

06 June 2021

නායයෑම් අනතුරු ඇඟවීම් නොසලකා හරිමින් එම ස්ථානවලින් ඉවත් නොවන පුද්ගලයින් ඉවත් කිරීම සඳහා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඊයේ (05) දිනයේදී අදාළ චක්‍රලේඛය සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකවරුන් වෙත යොමු කර තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යෂක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කරයි. විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා, "ජීවිත ආරක්ෂාව ලබාදීම සඳහා රතු සලකුණු දක්වා තිබෙන නිවාසවලින් ඉවත් නොවී සිටින අයව මේ වගේ අවස්ථාවකදී පොලීසිය සමග සම්බන්ධ වෙමින් අනිවාර්යයෙන්ම ඉවත් කළ යුතුයි. ආපදාවට ලක්වූවන්ට පිසුණු ආහාර ලබාදීමත් ඒ සඳහා සහන සැපයීමත් සිදුකෙරෙනවා"
 

More News..