brand logo

ජීවන වියදම පාලනයට ආහාර 10කට අවම මිලක්

26 September 2020

ජීවන වියදම අවම කිරීම සඳහා අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය දහයක හා එළවළු වර්ග තුනක අවම මිලක් පවත්වා ගෙන යාමට ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව තීරණය කර ඇත. සහල්, පොල්, හාල්මැස්සන්, අල, රතුලූනු පරිප්පු, සීනි, බීලූනු, කරවල හා ටින් මාළු එම අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය 10 ලෙස හඳුනාගෙන තිබේ. මෙම භාණ්ඩවල මිල අඩු කිරීමෙන් උද්ධමනය අඩු කළ හැකි බව අමාත්‍ය මණ්ඩල අනු කාරක සභාව ප්‍රකාශ කරයි. සහල් සඳහා පනවා ඇති පාලන මිල දිගටම පත්වා ගෙන යාමටද මෙහිදී තීරණය කර ඇත. දිවයින පුරා එළවළු අස්වැන්න විධිමත් ලෙස එකතු කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙහිදී දැනුම් දී ඇත. ඊට හේතු වී ඇත්තේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන් මගින් ගොවියාට අවශ්‍ය මූල්‍ය පහසුකම් හා අනෙකුත් පහසුකම් ලබාදීම මත දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයටම පමණක් අස්වැන්න ලැබීමයි. උදයජීව ඒකනායක
 

More News..