brand logo

ජීවන් මෙන්ඩිස් කඩුළු 11ක් ලබාගෙන ප්‍රථම ස්ථානයට

29 November 2018

දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන මාන්සි සුපර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග 13 ක් අවසන් වන විට වැඩිම කඩුළු සංඛ්‍යාවක් ලබාගෙන පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ ජීවන් මෙන්ඩිස් සමත්ව තිබෙනවා. ඒ.බී. ඩිවිලියස් නායකත්වය දරන ෂ්වානේ ස්පාර්ටන්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන මෙන්ඩිස් මේ වන විට තරග 5 කට සහභාගි වී කඩුළු 11ක් දවාගෙන තිබෙනවා. නෙල්සන් මැන්ඩෙලා ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 22 ට කඩුලු 4 ක් දවාගැනීම ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වනවා. ඊට අමතරව ඩර්බන් හීට් කණ්ඩායමට එරෙහිව ලකුණු 14 කට කඩුලු 2 ක්, පාර්ල් රොක්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 35 කට කඩුලු 2 ක් සහ ජෝෂි ස්ටාර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 37 කට කඩුලු 2 ක් දවාගැනීමටද මෙන්ඩිස් සමත්ව සිටිනවා.
 

More News..