ජීවන් තොණ්ඩමන් සිය ධූරයේ වැඩ අරඹයි
14 August 2020
ජීවන් තොණ්ඩමන් සිය ධූරයේ වැඩ අරඹයි
14 August 2020
වතු නිවාස හා සමාජ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා කොල්ලුපිටියේ පිහිටි එම අමාත්‍යාංශයේ දී අද (14) පෙරවරුවේ සුභ මොහොතින් රාජකාරි කටයුතු ආරම්භ කළේය.
මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරදපාණ්ඩා රාමේෂ්වරන්,වතු නිවාස හා සමාජ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී.ජී.කුමාරසිරි, හිටපු ඌව පළාත් සභා මන්ත්‍රී සෙන්දිල් තොණ්ඩමන්, ජිවන් තොණ්ඩමන් මහතාගේ පවුලේ සාමාජිකයින් හා ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.