brand logo

ජීනීවාහිදීශ්‍රී ලංකාවට එරෙහි බැඳීම් අවසන් කරනවා

25 February 2020

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කළ නීති විරෝධී යෝජනාවෙන් ඉවත්වී එම බැඳීම් අවසන් කරන බව මෙවර එහි 43 වැනි සැසි වාරයේදී සඳහන් කරන්නේ යැයි විදේශ සබඳතා ඇමැති දිනේෂ් ගුණවර්ධන පැවැසීය.
එම සමුළුවේදී රටක් විසින් සිය රටටම විරුද්ධව සම්මත කරගෙන ඇති එකම යෝජනාව ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව පමණක් බවද ඇමැතිවරයා පැවැසීය. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරයට සහභාගිවීම සඳහා මෙරටින් පිටත්ව යෑමට පෙර කොළඹ -07 ධර්මාශ්‍රමයට පැමිණ ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු මහා සංඝරත්නය ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් පළකරමිනි.
‘‘ජනාධිපති ​ගෝඨාභය රාජපක්ෂ ලබා තියෙන ජනවරමින් මෙම සම්මත කරගෙන ඇති සම අනුග්‍රහය දැක්වූ යෝජනාවේ ඇති මහජන අනුමැතියට පටහැනි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි, නීති විරෝධී භාවයන් පදනම් කරගෙන මෙයින් ඉවත්වී අපේ බැඳීම් අවසන් කරන බව දැනුම් දෙනවා. එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලය සමග අපි දිගින් දිගටම කටයුතු කරන බව අනෙක් රටවල් ඉදිරියේ දැනුම් දෙනවා’’
නයන තරංග ගමගේ
 

More News..