brand logo

ජිහාඩ් ත්‍රස්තවාදය තුරන් කිරීමට ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් සහයෝගය

17 May 2019

ජිහාඩ් ත්‍රස්තවාදය තුරන් කිරීමේ සටනට ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ සම්පූර්ණ සහයෝගය පලකරන බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධූ මහතා ප්‍රකාශ කර තිබේ. අද (17) මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැදැකි අවස්ථාවේදි මහානායක හිමිපාණන් වහන්සේ හමුවේ මහ කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දීර්ඝකාලීන මිත්‍රත්වයක් පවතින බවත් ඒ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම අසල්වැසියකුගේ යුතුකමක් වන බවත් පත්ව ඇති තත්ත්වයෙන් නඟා සිටුවීම සඳහා ඉන්දියාව හැකි උපරිම සහයෝගය ලබා දෙන බව තරංජිත් සිං සන්ධූ මහතා ප්‍රකාශ කළේය.
 

More News..