brand logo

ජිවිත ආරක්ෂාවට දුන් තුවක්කු බලපත්‍ර අහෝසියි

02 September 2018

පෞද්ගලික  ආරක්ෂාව සදහා  නිකුත් කර ඇති පතොරම් තුවක්කු (ෂොට් ගන්)  සදහා ලබන වසරේ සිට  බලපත්‍ර නිකුත් නොකිරීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව ලබන දෙසැම්බර් 31 වෙනි දිනට ප්‍රථම පෞද්ගලික  ආරක්ෂාව සදහා නිකුත්  කර ඇති පතරොම්  තුවක්කු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත භාර දෙන ලෙස එම තුවක්කු භාවිත කරන පිරිසට ආරක්ෂක අමාත්‍යාංශය මගින් දැනුම් දී ඇත. ගෙවුනු කාලයේ  පතරොම් තුවක්කු පන්දහසත් අටදහසත් අතර ප්‍රමාණයක් අාරක්ෂක අමාත්‍යංශය මහජනතාවට නිකුත් කර තිබේ. මේ සම්බන්ධයෙන් සුඵ ගිනි අවි පාලන අංශයේ  සහකාර ලේකම් එම්. ජී. පණ්ඩිතරත්න මහතාගෙන් "අරුණ " කළ විමසීමක දී  පැවසුවේ ජීවිත ආරක්ෂාවට ලබාදී ඇති  පතොරොම් තුවක්කුවලට පමණක් 2019 වර්ෂයට බලපත්‍ර නිකුත්  නොකරන බවයි. කෘෂිකාර්මික කටයුතු සදහා නිකුත් කර ඇති පතෙරොම් තුවක්කු  සදහා මේ නීතිය අදාළ නොවේ. ඉදිරියේ දී ජීවිත ආරක්ෂාව ස‘දහා සාමාන්‍ය තුවක්කු වෙනුවට වෙනත් ගිනි  අවි ලබාදීමට ද යෝජිතය.
 

More News..