brand logo

ජිනීවා යෝජනාවලියෙන් ඉවත් වීමට තීරණය කරයි

18 February 2020

පසුගිය රජය විසින් අමාත්‍ය මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට නොදන්වා අත්සන් තැබූ ජිනීවා යෝජනාවලියෙන් ඉවත් වීමට රජය තීරණය කරයි. ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවේදී සම අනුග‍්‍රාහකත්වය දක්වන ලද 30-1 එක සහ 40-1 යෝජනා දෙකෙන් ඉවත් වීමට මෙලෙස තීරණය කර තිබේ. ඊයේ දින(17) ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ රැස්වීමකදී මෙම තීරණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගෙන ඇත. මෙම හමුව සඳහා විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියහ. මෙම ස්ථාවරය පාර්ලිමේන්තුවටත් කැබිනට් මණ්ඩලයටත් ඉදිරිපත් කර අනතුරුව එන සතියේදී විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ජිනීවා මානව හිමිකම් සමුළුවට ගොස් රජයේ ස්ථාවරය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත.
 

More News..