brand logo

ශ්‍රී ලංකාවට එරෙහි ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව අද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට

20 March 2019

ශ්‍රී ලංකාවට එරෙහි ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්ෂික වාර්තාව අද (20) ජිනිවාහි පැවැත්වෙන මානව හිමිකම් සැසියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මේ අතර ජිනිවා මානව හිමිකම් සැසිවාරයට සමගාමීව පැවැත්වෙන සමාන්තර සැසියකදී පෙරේදා (18) නොසන්සුන් තත්ත්වයක් ඇති වි ඇත. ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් මහත්මිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට සමගාමීව පසුගියදා ශ්‍රී ලංකාව පිළිබඳ සිය වාර්තාව එළිදක්වා තිබුණු අතර එහිදී ඇය සඳහන් කළේ මානව හිමිකම් කවුන්සිලයට එකඟවු කරුණු රැසක් ඉටු කිරීමට ශ්‍රී ලංකා රජය අපොහොසත් වී ඇති බවය. අද ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය විසින් මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධාන සැසිවාරය සඳහා නිල වශයෙන් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඒ සඳහා අදාල වාර්තාව අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මානව හිමිකම් සැසිවාරයට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඇතුළු දූත පිරිස අදහස් දැක්වීමට නියමිත බව සඳහන් වන අතර අද්මිරාල් සරත් වීරසේකර මහතා අද රාජ්‍ය නොවන සංවිධානයක් නියෝජනය කරමින් ජීනිවාහී මානව හිමිකම් ප්‍රධාන සැසිවාරයේදී මෙම වාර්තාව සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළේය. මීට සමගාමීව පෙරේදා (18) දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් සහ හිටපු උතුරු පලාත් සභා මන්ත්‍රී එම්. කේ.සිවාජිලිංගම්ගේ සහභාගීත්වයෙන් සමාන්තර සැසිවාර කිහිපයක් පැවැත්විය. එහිදී දෙමළ සන්ධාන නියෝජිතයින් සහ ශ්‍රී ලාංකික නියෝජිතයින් අතර නොසන්සුන්කාරී තත්වයක් හටගත්තේය.
 

More News..