brand logo

ජින්තුපිටියේ අසාදිතයාගෙන් සමාජයට ව්‍යාප්තවීමක් නැහැ

03 July 2020

නිවාස නිරෝධනයට ලක් කරමින් සිටියෙදී කොවිඩ් 19 අසාදිතයෙකු ලෙස ඊයේ(02) දිනයේ කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයෙන් හමුවුනු රෝගියා මේ වන විට රෝහල් ගත කර ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මෙම පුද්ගලයා ඉන්දියාවේ සිට පැමිණ දින 14ක් නිරෝධායනය වී තවත් දින 14ක් නිවෙස තුළ නිරෝධායනය වෙමින් සිටි අයෙක් වෙයි. පළමු දින 14ක නිරෝධායන කාලසීමාවකින් පසු සිදුකළ පි.සි.ආර් පරික්ෂාවක දී ඔහු ආසාදිතයෙකු නොවන බව හඳුනා ගෙන තිබුණි. අනතුරුව එම පුද්ගලයා කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ ඔහුගේ නිවසේ නිරෝධායනට ලක්වෙමින් සිටිය දී නැවත සිදුකළ පි.සි.ආර් පරික්ෂාවක දී ආසාදිතයෙකු බවට තහවුරු විය. එසේම එම රෝගියාගේ ආශ්‍රිතයන් ලෙස හදුනා ගත් 154 දෙනෙකුට ආසන්න පිරිසක් එම ප්‍රදේශයෙන් ඉවත් කර නිරෝධනයට යොමු කර ඇත. ඒ අනුව එම රෝගියාගෙන් කොවිඩ් 19 රෝගය සමාජයට ව්‍යාප්තවීමේ ආවදානමක් නොමැති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කරයි.
 

More News..