brand logo

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ඇ.ඩො. මිලියන 3.98 වටිනාකමක්

23 June 2021

එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ පළමු අදියරේ ශූරතාව දිනාගත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 3.98ක් බවට පත්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනතනය පවසයි.

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 3.98ක්

අනෙක් කණ්ඩායම්වල තක්සේරු වටිනාකම මෙසේයි...,

ගාලු ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඩොලර් මිලියන 3.82ක්

දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායම ඩොලර් මිලියන 3.54ක්

කොළඹ කිංග්ස් කණ්ඩායම ඩොලර් මිලියන 3.44ක්

කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ඩොලර් මිලියන 3.19ක්

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු අදියර ලොව පුරා මිලියන 557ක ජනතාවක් නරඹා ඇති බවයි.
 

More News..