brand logo

ජැටිය වරායට පවරන අනුකමිටු වාර්තාව අද ඇමැතිට

01 February 2021

වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධව ඇති ගැටලුව අධ්‍යයනය කිරීමට පත්කළ කැබිනට් අනුකමිටුව අද (1 වැනිදා) එම වාර්තාව වරාය හා නාවික ඇමැති රෝහිත අබේගුණවර්ධනට භාරදීමට නියමිතය. වරාය අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල් ‘අරුණ’ට පැවැසුවේ මෙම වාර්තාවෙහි ඇති කරුණු රටට හානියක් නොවන පරිදි සකසා ඇති බවයි. මේ අතර පෙරේදා (30 වැනිදා) වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ එම කමිටුව ලබාදෙන විශේෂ වාර්තාවේ කරුණු වරාය හා නාවුක ඇමැති විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි. එසේම වරාය ඇමැතිවරයා කැබිනට් මණ්ඩලය වෙත අදහස් දැක්වීමට නියමිත බවද ඔහු සඳහන් කළේය. ඒ අනුව නැගෙනහිර පර්යන්තයේ සියලු මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ සිදුකිරීමට හැකිවනු ඇති බවද වරාය සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය. වරුණි පෙරමුණ
 

More News..