brand logo

ජා- ඇල සුදු වැල්ල විවෘත කිරිමේ දිනය අවිනිශ්චිතයි

28 April 2020

කොරෝනා රෝගීන් පොකුරු ස්වභාවයෙන් හමු වු   ජා-ඇල සුදු වැල්ල ගම්මානය තව දුරටත් වසා දෑමීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙන බව ජා-ඇල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුර අබේරත්න මහතා පවසයි.
ජා-ඇල සුදු වැල්ල ගම්මානය තුළින් පසුගිය දිනවල දී පොකුරු ස්වභාවයෙන් කොරෝනා ආසාදිතයින් හමුවු අතර ඔවුන්ට දිවයිනේ රෝහල් කිහිපයකදී ප්‍රතිකාර ලබාදෙනු ලැබයි.
සුදු වැල්ල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන්  දිවයිනේ ප්‍රදේශ කිහිපයක සංචාරය කර පුද්ගලයින් ඇසුරුකරන තිබීම නිසා එම ප්‍රදේශ වලින්ද කොරෝනා ආසාදිතයින් වාර්තා විය.
පසුගියදාක සති දෙකක පමණ කාලයක් තුළ එම ගම්මානයෙන් කොරෝනා රෝගීන් වාර්තා නොවුවද, ගම්මානයෙන් කොරෝනා අනතුර සම්පූර්ණයෙන්ම පහව නොගිය තත්වය මත තව දුරටත් සුදු වැල්ල ගම්මාන වසා දැමීමට සිදු වන බව ද ජා-ඇල මහජන සෞඛ්‍ය නිලධාරී වරයා පවසා සිටියහ.
ඔහු තව දුරටත් පවසා සිටියේ සුදු වැල්ල ගම්මනය විවෘත කල හැකි දිනයක් නිශ්චිත ව ප්‍රකාශ කල නොහැකි බවයි.
ප්‍රසංග පාවුළුහේවා  , කටුනායක.
 

More News..