brand logo

ජාවාරම්කරු හඹාගිය නිලධාරියාට සිදුවූ විපත

07 February 2021

  වැලි ජාවාරම්කරුවකු හඹාගිය වන සංරක්‍ෂණ නිලධාරියකුට වන ඇතකු පහරදීම නිසා තුවාල ලබා ඇති බව කරුවලගස්වැව පොලිසිය පවසනවා. මෙලෙස තුවාල ලබා ඇත්තේ වන්නියාගම රක්ෂීතයේ බිට්ටු වන නිලධාරියා වන ජේ .ජේරම්සන් නැමැත්තෙක්. වන්නියාම රක්ෂිතයේ සිදුකරන වැලි ජාවාරමක් සොයා බැලීමට යතුරු පැදියකින් ඔහුගේ සහයකයද සමග ගමන් කරමින් සිටියදී අනතුර සිදුව තිබේ. බිට්ටු වන නිලධාරියා පොලිසියට සඳහන් කර ඇත්තේ වැලි ජාවාරම්කරුවකු පසුපස ගමන් කරමින් සිටියදී එකවර ඇතා ඉදිරියට කඩා වැදිමත් සමඟ යතුරුපැදිය පෙරැළී මෙලෙස පහරදීමට ලක්වූ බවකි. සහායකයාගේ කෑගැසීමත් සමග කුලප්පුවී සිටි ඇතා එම ස්ථානයෙන් ඉවත්වී තිබෙනවා. බිට්ටු වන නිළධාරියා කඩිනමින් පුත්තලම මුලික රෝහලට යොමුකර ඇති අතර සිරුරු අභ්‍යන්තරයේ තැලීම් සිදු වී ඇති බව පුත්තලම රෝහලේ ප්‍රකාශකයකු සඳහන් කරනු ලැබුවා.
 

More News..