brand logo

ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා සදහා ජනතාව පොළඹවන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න

16 May 2019

පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයෙන් අනතුරු හටගෙන ඇති ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබද යුරෝපා සංගමයේ අවධානය යොමු වී ඇත. ප්‍රංශ, ජර්මනි, ඉතාලි, නෙදර්ලන්ත, රුමේනියා තානාපති කාර්යාල සහ එක්සත් රාජධානියේ මහා කොමසාරිස් කාර්යාලය මෙන්ම නෝර්වේ සහ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලවල එකගතාව මත යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය විසින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබේ. එමගින් ඔවුන් සදහන් කරන්නේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග යුරෝපා සංගමය පිළිගනු ලබන අතර, නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් ජාතිවාදී ක්‍රියා සදහා ජනතාව පොළඹවන්නන්ට සහ අපරාධකරුවන්ට එරෙහිව නීථිය එකලෙස ක්‍රියාත්මක කරන ලෙසටත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බවයි.
 

More News..