brand logo

ජාතිවාදී කෝලහලය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් තියන බව පැහැදිලියි

21 May 2019

බදාදා උදේ අරලියගහ මන්දිරයේ රැස්ව සිටියේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි. කෙසේ වෙතත් එදින ඔවුන් අතරේ සිදුවූ කතාබහ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් අතිශයින්ම විවේචනාත්මක වූ අතර, ඇතැම් මන්ත්‍රීවරුන් උත්සහ කළේ ජාතිවාදී ගැටුම්වල වගකීම ද ජනාධිපතිවරයා මත පටවන්නටය. ‘‘මේ ජාතිවාදී කෝලහල ඇතිවෙන්නෙ පාස්කු ප්‍රහාරයෙන් සති තුනකට පස්සෙ... ඒ හින්දා මෙතැන දේශපාලන කුමන්ත්‍රණයක් තියන බව පැහැදිලියි...’’ ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය. ‘‘කෝලහල අවුළුවන සියලු දෙනාම අත්අඩංගුවට ගන්න කියල මම නියෝග කළා... අවස්ථාවාදීන්ට රට ගිනි තියන්න ඉඩ දෙන්න බෑ...’’ අගමැතිවරයා කීවේය. ‘‘මිනිස්සු කලබලකරන තැන්වලට දේශපාලකයන් ගිහින් වැඩේ තවත‍් ඔද්දල් කරන්න එපා කියල ආණ්ඩුවේ අයට උපදෙස් දෙන එක හොඳයි... හෙට්ටිපොළ කෝලහලෙ වෙන තැනට දයාසිරි ඔළුව දැම්ම එක වැරදියි... ඒක ප්‍රශ්නයක්...’’ චමින්ද විජේසිරි කීවේය. ‘‘එයා එතෙන්ට ගිහිල්ලා කෝලහලවලට අත්අඩංගුවට ගත්තු හය දෙනෙක් නිදහස් කරගෙන තියෙනවා... එහෙම කළේ කොහොමද...? හදිසි නීතිය තියන වෙලාවෙ පොලිසියට ඇප දෙන්න බෑනෙ... සමහරවිට පිටරටින් ඉහළ ඕඩරේකුත් ඇවිල්ලා ඇති...’’යි හේෂා විතානගේ කීවේ, ‘ජනාධිපතිවරයා’ ගැන ඉඟි කරමිනි. ‘‘දයාසිරි සැකකරුවෝ හය දෙනා නිදහස් කරගත්ත මොරාල් එකටයි එතෙන්ට රැස්වෙලා හිටපු සෙනග ඊට පස්සෙ මුස්ලිම් කඩවලටයි මිනිස්සුන්ටයි පහරදීගෙන ගිහිල්ල තියෙන්නෙ...’’ මුජිබර් රහුමාන් කීවේය. ‘‘කළු පාට ඩිෆෙන්ඩර් එකකින් අර නාමල් කුමාර කියන පිස්සු මිනිහත් එතෙන්ට ගිහින්... සහරාන්ගෙ බිරිඳගෙ ගම හෙට්ටිපොල හින්දා තමයි ජාතිවාදී කෝලහල එතැනින් පටන්ගන්න එකයි මේගොල්ලන්ගෙ ප්ලෑන් එක... බුද්ධි අංශ හිතන්නෙ නං එහෙමයි...’’ නවීන් දිසානායක කීවේය. ‘‘කොහොම හරි නාමල් කුමාර කියන මිනිහත් එක්ක සිංහල ජාතිවාදී සංවිධාන හදන එක රස්සාව කරගත්තු තව දෙන්නෙක් පොලිසියට කොටුවෙච්චි එක රටේ සාමයට ලොකු රුකුලක්... මෙයාල නිදහස් කරගන්නත් සමහරු උත්සාහ කරල තියනවා...’’ යැයි කීවේ වජිර අබේවර්ධන ය. ‘‘අද ඉංග්‍රීසි පත්තරේක මුස්ලිම් ත්‍රස්තවාදයේ විකාශනය ගැන චාට් එකක් තිබුණා... ඒකෙ නායකයෙක් කියල එක්කෙනෙකුගෙ නමකුත් තිබුණා... ඒ කතාව මොකක්ද...?’’ නවීන් දිසානායක අගමැතිවරයාගෙන් ඇසුවේ ය. ‘‘නෑ... නෑ... ඒ ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් ම වැරදියි... මම සී.අයි.ඩී. එකෙනුත් ඇහුවා... මේක හදපු ප්‍රවෘත්තියක් කියලයි මට පේන්නෙ...’’ අගමැතිවරයා පිළිතුරු දුන්නේය. ‘‘මුලින්ම ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලවෙන වෙලාවෙ, බුද්ධි අංශ වාර්තා කරල තියෙද්දිත් ජනාධිපතිතුමා පිටරට... ඊට සති තුනකට පස්සෙ මේ කලකෝලහල පටන්ගන්නකොටත් එතුමා පිටරට... මේකෙ සැකයක් නැද්ද කියල හුඟ දෙනෙක් අහනවා...’’ එ.ජා.ප. නීති නිලධාරියා කතාව වෙන පැත්තකට යොමු කළේය. ‘‘ජනාධිපතිතුමා විසිහත්දෙනෙකුත් එක්ක මේ සමුළුවට ගිහින් තියෙන්නෙ... ඒත් ඒක එච්චර වැදගත් සමුළුවක් නෙවෙයි කියලයි කියන්නෙ... වැදගත් සමුළුව තියෙන්නෙ බීජිංවල...’’ රංජිත් අලුවිහාරේ කීවේ ය. ඉන්පසුව ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ අවදානය යොමු වූයේ, පාස්කු ප්‍රහාරයෙන් සති තුනක් ගත වී තිබියදීත්, පාසල්වලට දරුවන්ගේ පැමිණීම යථා තත්වයට පත් ව නොතිබීම ගැන ය. ‘‘මෙච්චර ආරක්ෂාව දීලත් දරුවො පාසල් එන්නෙ නෑ...
 

More News..