brand logo

ජාතියේ හද ගැස්මේ SLIM- Nielsen සම්මානය නැවතත් ලංකා බැංකුවට

14 March 2020

SLIM- Nielsen සම්මාන රාත්‍රියේදී වසරේ බැංකු සේවා සම්පාදක ලෙස ජනතා සම්මානය හිමි කර ගන්නට ලංකා බැංකුව සමත් විය. ඒ වෙනුවෙන් සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත බැංකුව තම හෘදයාංගම සුබ පැතුම් පුද කරයි. SLIM- Nielsen සම්මාන ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සහ Nielsen Company (Lanka) Pvt Ltd. එකමුතුවෙන් සංවිධානය වී තිබිණි. මෙම සම්මාන උළෙලේදී දිවයිනේ පිළිගත් වෙළෙඳ සන්නාමයන් (Brands) ඔවුන්ගේ සන්නාම කොටස එළිදක්වන විශේෂ අවස්ථාවක් ලෙස හැඳින්වේ. දිවයින පුරා සිටින සැලකිය යුතු නියැදියක් යොදාගෙන කරනු ලැබූ සමීක්ෂණයක් මගින් ලැබූ ප්‍රතිඵල පාදක කරගෙන මෙම සම්මානය ප්‍රදානය සිදුවිය. මෙම සමීක්ෂණය පිළිගත් බහුජාතික සමීක්ෂණ ආයතනයක් වූ Nielsen Company (Lanka) Pvt Ltd. මගින් මෙහෙයවනු ලැබීය. ‘‘මෙම සම්මානය සමගින් අපගේ ක්‍රමෝපායික දැක්ම පොදුජන සිත්සතන්හි නිදන්ගත කිරීමට ලංකා බැංකුවට හැකියාව ලැබුණු අතර එය ආයෝජනයක් ලෙස සඳහන් කිරීම ඉතාමත් සුදුසු වේ. මේ සඳහා නන් අයුරින් සහාය දුන් අපගේ කාර්ය මණ්ඩලයට මෙන්ම අසූ වසරක් පුරා පැමිණි ගමන් මගෙහි අප හා රැඳෙමින් අපට ශක්තියක් වූ වටිනා ගනුදෙනුකාර භවතුන් කෘතවේදීව සිහිපත් කරන්නෙමි” යැයි ලංකා බැංකුවේ වැඩබලන මහා කළමනාකරු ඩී.පී.කේ. ගුණසේකර මහතා පැවසීය.
 

More News..