brand logo

ජාතික ළමාරක්ෂක අධිකාරියට නව සභාපතිවරයෙක් සහ නියෝජ්‍ය සභාපතිවරියක් පත් කෙරේ

08 January 2020

ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ලෙස මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සහ නියෝජ්‍ය සභාපති ලෙස නීතිඥ සුජාතා අලහප්පෙරුම මහත්මිය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය අතින් සිය පත්වීම් ලිපි අද (08) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍ය කාර්යාලයේ දී ලබාගන්නා ලදි. මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබද අධ්‍යයන අංශයේ මහාචාර්යවරයෙක් වන අතර, නීතිඥ සුජාතා අලහප්පෙරුම මහත්මිය විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරියක් වේ.
 

More News..