brand logo

ජාතික සමගිය නොමැති තැන මහජන ආරක්ෂාවක් නෑ

16 May 2019

ජාතික සමගිය නොමැති තැන මහජන ආරක්ෂාවක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසිය. අනතුර කුමාර දිසානායක මහතා ඒ බැව් කියා සිටියේ අන්තවාදය පැරදවිමට ජාතික සමගිය ගොඩනැගිමට මහජන ආරක්ෂාව තහවුරු කිරිමට අපගේ කාර්යය භාරය යන මැයෙන් ඊයේ (15) පස්වරුවේ හැටන් දික්ඔය නගර සභා ශාලාවේ පැවති ජනතා විමුක්ති පෙරමුණ මගින් සංවිධානය කර තිබු සම්මන්ත්‍රණයක් අමතමිණි. මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ මේ රටේත් ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට මේ රට තුල ජාතික සමගිය ඇති කල නොහැකි බවයි. ජාතික සමගිය ඇති කල හැක්කේ දේශපාලන අධිකාරියට බවත්, පටු දේශපාලන වාසි නොතකා දේශපාලඥයන් රටේ ඇති වි තිබෙන ගැටළුවට විසදුම් ලබාදෙන්නේ නම් රට තුල ජාතික සමගිය ඇති කර රටේ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කල හැකි බවයි අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ.
 

More News..