brand logo

ජාතික සංහිඳියාවේ දිනය උදාවනු දැකීම අපේක්ෂාවයි

14 January 2021

  ශ්‍රී ලංකාවේ ජාතික සංහිඳියාවේ දිනයක් බවට තෛපොංගල් දින උත්සවය පත්වනු දැකීම සැමගේ අපේක්ෂාව බව අගමැති මහින්ද රාජපක්ෂ නිකුත් කළ තෛපොංගල් උත්සවය වෙනුවෙන් ශුභාශිංසන පණිවිඩයේ සඳහන්වේ. අගමැතිවරයා සිය ශුභාශිංසන පණිවිඩයේ මෙසේද සඳහන් කර සිටී. ලොව පුරා දමිළ ජනතාව බැතියෙන් සමරනු ලබන තෛපොංගල් උත්සවයට ශුභාශිංසන එක් කරනුයේ ඉමහත් සතුටිනි. හින්දු දින දර්ශනයට අනුව පළමු මාසය “තෛ” යනුවෙන් හැඳින්වෙන අතර පොංගල් යන්නෙන් උදාව යන්න අර්ථවත් වේ. කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමට හිරු දෙවියන් ඇතුළු ස්වභාවධර්මය දුන් ශක්තියට කෘතගුණ සැලකීම මුල් කරගෙන නව වසරේ උදාව සමරනු ලබන තෛපොංගල් දින උත්සවය ආගමික, සංස්කෘතික හා සමාජීය වශයෙන් ඉතාමත් වැදගත් දිනයකි. තෛපොංගල් උත්සවය සමරන සහෝදර දමිළ ජනතාවට සියලු අනාගත අපේක්ෂාවන් ඉටුවන සෞභාග්‍යමත් ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබේවා! යැයි මෙම ප්‍රීතිමත් දිනයේ මම සුබ ප්‍රාර්ථනා කරමි.
 

More News..