ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සැකසීමට කඩිනම් පියවර
17 October 2020
ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සැකසීමට කඩිනම් පියවර
17 October 2020
ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සැකසීම කඩිනම් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.
නිසි වෙළෙඳ ප්‍රතිපත්තියක් නොමැතිවීම හේතුවෙන් වසර ගණනාවක් තුළ රාජතාන්ත්‍රික වශයෙන් මෙරට නිෂ්පාදකයින් හා අපනයනකරුවන්ට සිදුවී ඇති අලාභ හා ඒ තුළින් මෙරටට ගිළිහුනු වෙළෙඳ අවකාශයන් ඉතා ඉහළ බව වාර්තා වේ.
කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පරිදි ආරම්භ කර ඇති ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා වු විද්වත් කමිටුව වෙළෙද අමාත්‍යාංශයේ දි රැස් වී ඇති අතර එහිදී මේ සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.
දේශීය නිෂ්පාදකයා දිරිගන්වමින් අපනයන අංශයේ දියුණුව ළඟා කරගැනීමේ අරමුණ තුළ සමස්ථ වෙළෙඳ කටයුතු සඳහා ජාතික වශයෙන් වැදගත් වන වෙළෙද ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කිරීම වෙනුවෙන් සියලු කටයුතු සම්පාදනය කිරීම සම්බන්ධයෙන් මෙහිදි කමිටු සාමාජිකයින් විෂයභාර අමාත්‍යවරයා වෙත සිය ප්‍රසංශාව පළ කර ඇත.
විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් දේශීය නිෂ්පාදකයින් දිරිගන්වමින් අපනයන කාර්යය දියුණු කිරීමට විශේෂ අවධානය යොමුකිරීම තුළ හැකිතාක් ඉක්මනින් මෙම වෙළෙද ප්‍රතිපත්තිය සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබේ.