brand logo

ජාතික වෙළද ප්‍රතිපත්තියක් සකස් කිරීමට නව ප්‍රවේශයක්

04 February 2020

අන්තර් ජාතික වෙළඳාම සඳහා ප්‍රතිපත්තිගරුක ප්‍රවේශයක් ලබා ගැනීම පිණිස ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සකස් කිරීම පිළිබඳ නව ප්‍රවේශයක් ආරම්භ කිරීම අද(04)පෙරවරුවේ කොළඹ විද්වත් වෘත්තිකයින්ගේ සංගම් පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලැබීය. 72 ජාතික නිදහස් දිනය නිමිති කොට ගෙන ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සකස් කිරීම ප්‍රමුඛ කොටගනිමින් වෘත්තිකන්ගේ ජාතික පෙරමුණ විසින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කොට තිබිණි. නිදහස ලබා වසර හැත්තෑ දෙකක් ගත වී ඇතත් තවමත් ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් නොමැති වීම පිළිබඳව පසුගිය කාලයේ රට පුරා සංවාදයට බඳුන් වූ අතර ඒ හේතුවෙම ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් රැසක් සම්බන්ධයෙන් ජනතාව අතර ආන්දෝලනාත්මක තත්වයක් ඇති වූ බව වෘත්තිකන්ගේ ජාතික පෙරමුණ මෙහිදී පෙන්වා දුන්නේ ය. ඒ අනුව ඉදිරියේදී ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සකස් කිරීම තුලින් රටට අහිතකර වෙළඳ ගිව්සුම් වලින් ඇතිවිය හැකි අභියෝගාත්මක තත්වයන් වලින් ආරක්ෂා වීම මෙහි අරමුණ බව වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ අවධාරණය කරයි.  
 

More News..