brand logo

ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට රනිල්ගේ නම ගැසට් කරයි

18 June 2021

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මැතිවරණ කොමිසන් සභාව විසින් අද (18) පස්වරුවේ අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබුණි. එම ගැසට් නිවේදනය එම කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට නිල වශයෙන් භාරදෙනු ලැබීමට නියමිතයි. ඉන්පසු වික්‍රමසිංහ මහතාට එම මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීම සඳහා අවස්ථාව සලසා දීමට කටයුතු කෙරෙනු ඇත. මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ලබන 23 වැනිදා දිවුරුම්දීමට නියමිතව ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. 1977 වසරේ සිට 2020 වසර දක්වා අඛණ්ඩව මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කළ රනිල් වික්‍රමසිංහ මහතා 2020 වසරේ පැවති මැතිවරණයේ දී පරාජයට පත්විය. එම මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට හිමිවූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබුණි.
 

More News..