brand logo

ජාතික ලැයිස්තුවෙන් ඉල්ලා අස්වූ ශාන්ත බණ්ඩාරට මන්ත්‍රිධුරය ලබාදීමේ ගැටළුවක්

12 August 2019

මැතිවරණ කොමිෂන් සභාව අද රැස් වී ඇත. එහිදි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් අනතුරුව පුරප්පාඩු වු මන්ත්‍රි ධුරය සඳහා මන්ත්‍රිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කර ඇත. එම පුරප්පාඩු වු මන්ත්‍රි ධුරයේ දිවුරුම් දීමේ අරමුණින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර මහතා සිය මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස් වූ අතර ඔහුට මන්ත්‍රිධුරය යළි ලබා දීම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් මේ වනවිට මතුව ඇති බව වාර්තා වෙයි. මැතිවරණ කොමිසම විසින් ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය ලබා දිය යුතු පුද්ගලයා කව්රුන්දැයි යන්න නම් කරන ලෙස මහින්ද අමරවිර මන්ත්‍රීවරයාට දන්වා ඇති බව වාර්තා වෙයි.
 

More News..