brand logo

ජාතික රෝහලේ සේවිකාවන්ට කොවිඩ් ආසාදනය වූ මූලාශ්‍රය සොයාගෙන

11 October 2020

  ජාතික රෝහලේ සේවිකාවන් තිදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත්තේ මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් සමඟ සබඳතා පැවැත්වීමෙන් බව සොයාගෙන ඇත. මේ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා. එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ අදාළ සේවිකාවන් මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවයි. මේ නිසා ජාතික රෝහලේ ශල්‍යාගාරයක් සහ වාට්ටු දෙකක් තාවකාලිකව වසා දැමීමට ඊයේ (10) දිනයේ පියවර ගනු ලැබුවා. ඉදිරියේදී ප්‍රධාන කර්මාන්ත ශාලාවල අහඹු ලෙස PCR පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමුව ඇති බවද වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.
 

More News..