brand logo

ජාතික රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් සොරකම් කරලා

24 May 2021

කොළඹ ජාතික රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් සොරා ගැනීමේ ජාවාරමක නිරත වූ බව කියන එම රෝහලේ හෘද රෝග අංශයේ ,දැඩි සත්කාර ඒකකයේ සේවය කරන සෞඛ්‍ය කාර්යය සහායකයෙකු ඊයේ (23) මරදාන පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. වාට්ටු අංක 43 ගබඩා කර තිබූ ඔක්සිජන් සිලින්ඩර් දෙකක් සොරාගෙන ගොස් ඇති බවට එම වාට්ටුවේ සේවය කරනු ලබන සෞඛ්‍ය කාර්ය සහායකයකු පැමිණිල්ලක් කර තිබේ. එම පැමිණිල්ලට අනුව සිදු කරන ලද විමර්ශනයේදී එම සිලින්ඩර් දෙක සමඟ සැකකරු රෝහල් පරිශ්‍රයේදීම අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම සොරකමට සම්බන්ධ වූ තවත් සෞඛ්‍ය කාර්යය සහායකයෙක් ද අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි. හදිසි බාහිර රෝගී අංශයේ හෙද නිලධාරිනියක් ද පැමිණිල්ලක් කරමින් එම අංශයේ තිබූ ඔක්සිජන් සිලින්ඩරයක් ද සොරකම් කර ඇති බවට තවත් පැමිණිල්ලක්ද කර ඇති බව පොලිස් නිලධාරියෙකු පවසයි
 

More News..