brand logo

ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයක්

24 June 2020

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ කාර්යයට බාධා වන ආකාරයේ කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි කිරිම සදහා ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයක් පිහිටුවා තිබේ. මැතිවරණ කාලසීමාව තුළ යම් පක්ෂයක් , කණ්ඩායමක් හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන නිතී විරෝධි කටයුතු සහ අගතියට පත් වන සිදුවිම් පිළිබද මෙම මධ්‍යස්ථානයට පැමිණිලි කළ හැක. මැතිවරණ නිතී උල්ළංඝනය කිරිම් සම්බන්ධ පැමිණිලි සන්නිවේදන ක්‍රම කිහිපයක් ඔස්සේ යොමු කිරිමට හැකියාව පවතියි. 011 – 288 62 79 , 011 288 64 21, 011 288 61 17 යනදුරකථන අංක වලට පැමිණිලි සම්බන්ධයෙන් දැනුම් දිය හැකියි. ඊට අමතරව 071 – 9160000 යන දුරකථන අංකයට මහජන පැමිණිලි වට්ස් ඇප් හෝ වයිබර් කිරිමට හැකියාව පවතින බවද මැතිවරණ කොමිසම පැවසීය. කෙසේවෙතත් ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට අමතරව දිස්ත්‍රික් මට්ටමින් ද පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථාන පිහිටුවා ඇති බව එම කොමිසම වැඩිදුරටත් සදහන් කළේය.
 

More News..