brand logo

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දින මහා සමුළුව අද

01 July 2019

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දින මහා සමුළුව අද පැවැත්වීමට නියමිතව තිබේ. එම සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. මතින් නිදහස් රටක් ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයාගේ මග පෙන්වීම යටතේ පසුගිය 23 වැනිදා සිට ක්‍රියාත්මකවූ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ඊයේ අවසන් විය. එහි ප්‍රධාන සමුළුව අද පෙරවරුවේ පැවැත්වේ. මේ අතර මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය හා ශ්‍රී ලංකා පොලිසිය එක්ව මත්ද්‍රව්‍ය භාවිතයේ ව්‍යාප්තිය පිළිබඳ ජාතික සමීක්ෂණ වාර්තාවක් ද පිළියෙල කර තිබේ. එම වාර්තාව අද (01) පැවැත්වෙන සමුළුවේදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමට නියමිතයි.
 

More News..