brand logo

ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් සිය ධුරයෙන් ඉල්ලා අස් වෙයි

08 June 2019

ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත. ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා ඒ බව තහවුරු කරමින් සඳහන් කළේ ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමන්ට ලැබී ඇති බවය. පසුගිය පළමු වන දා සිට සෞඛ්‍ය හේතු මත ජාතික බුද්ධි ප්‍රධානී ධුරයෙන් ඉවත්වන බව මෙන්ඩිස් මහතා සිය ලිපියේ සඳහන් කර ඇති අතර ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා සඳහන් කළේ පුරප්පාඩු වී ඇති ජාතික බුද්ධි ප්‍රධානී ධුරය සඳහා නිලධාරියකු පත් කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවය.
 

More News..