brand logo

ජාතික ප‍්‍රවාහන වෛද්‍ය ආයතනයේ නිලධාරීයෙකුට කොවිඩ්

14 February 2021

  ජාතික ප‍්‍රවාහන වෛද්‍ය ආයතනයේ නුගේගොඩ ප‍්‍රධාන ශාඛාවේ නිලධාරියකු කොවිඩ් ආසාදිත බව අද (14) දින හඳුනාගෙන ඇත. එබැවින් ආයතනය හෙට (15) දින වසා දැමීමට තීරණය කළ බව එම ආයතනයේ සභාපති වෛද්‍ය ශවේන්ද්‍ර ගමගේ මහතා සඳහන් කරනවා. කෙසේ වෙතත් දුරකථන මගින් වේලාවන් වෙන් කරගත් පිරිස් වෙත වෙනත් දිනයක් දැනුම්දෙන අතර එදිනට පැමිණ අදාල සේවය ලබාගත හැකි බව දැනුම් දෙනවා. ලැබෙන උපදෙස් අනුව එම තීරණය ගත්බවත් ලබන අඟහරුවාදා (16) සිට නැවත විවෘත කිරීමට බලාපොරොත්තුවන බවද සභාපතිවරයා සඳහන් කරනවා.
 

More News..