brand logo

ජාතික ප‍්‍රවාහන වෛද්‍ය ආයතනයේ සියලු කාර්යාල වසා දමයි

10 May 2021

ජාතික ප‍්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලු ශාඛා නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. එහි සභාපති වෛද්‍ය සචින්ද්‍ර ගමගේ මහතා පැවසුවේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගත් බවයි. ඊ-චැනලින්ග් සේවාව මගින් මීට පෙර වේලාවන් වෙන්කර ගත් සේවා ලාභීන්හට නැවත සේවා ලබාගැනීමට පැමිණිය යුතු දිනය සහ වේලාව ඉදිරියේදී දැනුම්දෙන බව වෛද්‍ය සචින්ද්‍ර ගමගේ මහතා පැවසීය.
 

More News..