brand logo

ජාතික පිළිකා මර්දන වැඩසටහනට රුපියල් මිලියන 3.5ක්

13 February 2020

ඔිස්ට්‍රෙිලියාවේ පදිංචි ශ්‍රී ලාංකීය ජාතික Mr. Nawaz Vilcassim මහතා රෝටරි කොළඹ ශාඛාව සමග එක්ව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහනට ලබාදීමට රුපියල් මිලියන 3.5 ක මූල්‍ය පරිත්‍යාගයක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය වෙත ප්‍රදානය කිරිම පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදුවිය. මෙම මුදල් පරිත්‍යාගය සදහා ප්‍රධාන හේතු සාධකය වී ඇත්තේ ඒ මහතාගේ මවට මහරගම අපේක්ෂා රෝහලෙන් මීට ඉහත දී ප්‍රතිකාර සේවාවන් සැපයීමට ප්‍රති උපකාර දැක්වීමක් වශයෙනි. මේ වන විට ඒ මහතාගේ මව මියගොස් ඇතත්, Mr. Nawaz Vilcassim මහතා විසින් ලොව පුරා වනජීවී ඡායාරූපකරණය සිදු කරමින් සකස් කරන ලද ඇල්බමයක් අලෙවියෙන් ලද ආදායම මෙම ප්‍රදානය සදහා යොදාගෙන ඇත. එම ඇල්බමය ද සෞඛ්‍ය අමාත්‍යතුමියට මෙහිදී පිළිගන්වන ලදි. මෙහිදී අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා කොළඹ රෝටරි සමාජය සෞඛ්‍ය අමාත්‍යාංශ සමග එක්ව සිදු කරනු ලබන මෙහෙවර පිළිබද ඇගයීමට ලක් කරමින් රෝටරි සාමාජික ඉංජිනේරු පුබුදු ද සොයිසා මහත්මිය වර්තමාන ගෝලීය අරමුදලේ ව්‍යාපෘති අධ්‍යක්ෂිකා) සිදු කරන සම්බන්ධීකරණ කටයුතු පැසසුමට ලක් කරන ලද අතර, ශ්‍රී ලංකාවේන් පිළිකා රෝගය තුරන් කිරීම සදහා රෝටරි සමාජය ලබාදෙනු ලබන දායකත්වය ද සෞඛ්‍ය අමාත්‍යතුමිය වීසින් ඇගයීමට ලක් කරන ලදි. මෙම මුල්‍ය පරිත්‍යාගය සිදු කිරීමේ අවස්ථාවට සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා, ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය, මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා, රෝටරි සමාජයේ කොළඹ ශාඛාවේ සභාපති Mr. Saravanan Soundarajan මහතා, රෝටරි සාමාජික ඉංජිනේරු පුබුදු ද සොයිසා මහත්මිය (වර්තමාන ගෝලීය අරමුදලේ ව්‍යාපෘති අධ්‍යක්ෂිකා) ඇතුලු රෝටරි සාමාජික සාමාජිකාවන්, සහ Mr. Nawaz Vilcassim මහතාගේ පවුලේ සාමාජිකයින් එක්ව සිටියහ.        
 

More News..