brand logo

ජාතික පාසල්වල ශිෂ්‍ය පුරප්පාඩු 40,000යි

22 September 2019

ජාතික පාසල්වල පවතින ශිෂ්‍ය පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. ජාතික පාසල්වල ශිෂ්‍ය පුරප්පාඩු 40,000 කට අධික සංඛ්‍යාවක් පවතින බව අනාවරණ වී ඇති බව එහි අතිරේක ලේකම් එම්.එම්. රත්නායක මහතා සඳහන් කළේය. ඒ අනුව අදාළ පුරප්පාඩු සඳහා සුදුස්සන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ වනවිටත් පවත්වා ඇති අතර පළමු අදියරේදී පුරප්පාඩු 4500 ක් සඳහා සිසුන් තොරාගෙන ඇති බව අතිරේක ලේකම්වරයා සඳහන් කළේය. මේ වනවිට කඩිනමින් සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
 

More News..