brand logo

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවාවන් ඇරඹෙන දිනය

13 May 2021

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය විසින් තාවකාලිකව අත්හිටුවනු ලැබූ සේවාවන් මැයි මස 17 වනදා ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සදහන් කළේ කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් රජය විසින් දැනට නිකුත්කර ඇති සංචරණ සීමාවන්ට යටත්ව එම සේවාවන් ආරම්භ කරන බවයි. E-chanelling සේවාව මගින් වේලාවන් වෙන්කරගත් සේවාලාභීන් සඳහා පමණක් සේවා සපයනු ලබන බවත් පොළොන්නරුව, නුවරඑළිය, කළුතර, හම්බන්තොට සහ මාතලේ ශාඛා මගින් සේවා සැපයීම තවදුරටත් සිදුනොකරන බව එම ආයතනය පැවසීය. මේ දිනවල සේවා සැපයීම සිදුනොකරන ඉහත ශාඛා මගින් වේලාවන් වෙන්කරගත් සේවාලාභීන්ට නැවත සේවා ලබාගැනීමට පැමිණිය යුතු දිනය සහ වේලාව ඉදිරියේදී දැනුම්දෙන බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..