brand logo

ජාතික දිනය දා සෑම නිවසකම ජාතික ධජය එසවීමටත්, පැළයක් රෝපණය කිරීමට පියවර ගන්න - අගමැති

05 January 2020

ජාතික දිනය දා, සෑම නිවසකම ජාතික ධජය එසවීමටත්, රට පුරා සෑම නිවසකම එකම මොහොතකදී ප‍්‍රයෝජනවත් පැළයක් රෝපණය කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පසුගිය 3 වැනිදා අරලිය ගහ මන්දිරයේදී පැවැති ජාතික දින උත්සවයේ සූදානම සම්බන්ධවයෙන් සාකච්ඡා කිරීමේ රැස්වීමකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේය. සුරක්ෂිත දේශයක් සෞභාග්‍යමත් රටක් තේමාව ඔස්සේ ජාතික දින උත්සවය පැවැත්වීමට එහිදී තීරණය විය. පසුගිය වසරට සාපේක්ෂව ජාතික දින පෙළපාලියට සහභාගි වන සංඛ්‍යාව සියයට 30කින් අඩු කිරීමටත් තේමාවට සරිලන සංස්කෘතික අංග පමණක් ඊට සහභාගි කරවා ගැනීමටත් මෙහිදී අවධානය යොමු විය. තම ජීවිත නොකතා අනෙක් අයගේ ජීවිත බේරා ගත් අයගේ එකතුවක් වන වීර පොදුජන පදනම ද ජාතික දින පෙළපාලිය ස`දහා එක්වීමට අවසර ඉල්ලා ඇති බැවින් ඊට අවස්ථාව සලසා දීමටද එහිදී තීරණය විය. විශේෂයෙන් මහජනතාවට බාධා නොවන අයුරින්, උත්සව භූමිය ආශී‍්‍රත ප‍්‍රදේශයේ ආරක්ෂව තහවුරු කිරීම, රථ වාහන හැසිරවීම, මෙන්ම පෙර පුහුණුවීම් කටයුතු පැවැත්වීමට සියලූ දෙනාගේ අවධානය යොමු විය යුතුව ඇතැයිද එහිදී අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කලේය.
 

More News..