brand logo

ජාතික ගැටලුවට විසදුම් සොයා එජාපය පසුපස යෑමෙන් පළක් නැහැ - සිවාජිලිංගම් දෙමළ රාජ්‍ය පක්ෂයට කියයි

22 June 2019

ජාතික ගැටලුවට විසඳුම් සෙවීමට දෙමළ රාජ්‍ය පක්ෂය (ටී.එන්.ඒ.) රනිල් වික්‍රමසිංහට හා එක්සත් ජාතික පක්ෂයට පමණක් දෑත දිගු කිරීමෙන් පලක් නොවන බව හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් පවසයි. ඔහු පවසන්නේ ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමේදී ප්‍රධාන පක්ෂ දෙක සමග කටයුතු කිරීම සඳහා එම පක්ෂ දෙකටම දෑත දිගු කළ යුතු බවයි. එහෙත් වර්තමානයේදී දෙමළ රාජ්‍ය පක්ෂය රනිල් වික්‍රමසිංහට හා එක්සත් ජාතික පක්ෂයට පමණක් දෑත් දිගු කිරීම හේතුවෙන් ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමට තිබූ අවස්ථාව අඩපණ වී ගෙන යන බව ඔහුගේ මතය වී තිබේ. රටේ ජනපති හා අගමැති තනතුර පක්ෂ දෙකක තිබීමෙන් ජාතික ගැටලුවට විසඳුමක් ලබා ගැනීමේ හොඳම අවස්ථාව මගහැර ඇති බව ඒ මහතා සඳහන් කළේය.
 

More News..