brand logo

ජාතික ඔලිම්පික් කමිටුව පැරෂූට් පුහුණුකරුවන් සමග හෙළුවෙන්

20 August 2018

  ක‍්‍රීඩා අමාත්‍යංශය ‘අන්දවා’ ලබා ගත් බොක්සිං අනුමැතිය ඇමති අණින් ගැලවෙයි ආසියානු ක‍්‍රීඩා උළෙලට ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ අරමුණින් නිසි අනුමැතිය නොමැති පුහුණුකරුවෙකු යැවීමට කවුරුන් හෝ කටයුතු කරයි නම් එහි බරපතල ප‍්‍රතිවිපාක අත්විඳීමට ඔවුන් සූදානමින් සිටිය යුතු යැයි ශ‍්‍රී ලංකා බොක්සිං සංගමයේ ප‍්‍රකාශකයෙක් පැවසීය. මෙවැනි ජාත්‍යන්තර සහභාගිත්වයකදී කණ්ඩායම සහ නිලධාරීන් ක‍්‍රමවේදය සහමුලින්ම උල්ලංඝණය කරමින් බොක්සිං ක‍්‍රීඩාවට අදාළ මෙරට ජාතික සංගමය වන ශ‍්‍රී ලංකා බොක්සිං සංගමයේ අනුදැනුම හා ජාතික තේරීම් කමිටුවේ හෝ ජාතික තේරීම් කමිටුවේ අනුමැතිය නොලද දෙදෙනෙකු බොක්සිං පුහුණුකරුවන් ලෙසින් ශ‍්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් කර එය ක‍්‍රීඩා අමාත්‍යතුමාගේ අනුමැතිය සඳහා යැවීමට ජාතික ඔලිම්පික් කමිටුව ක‍්‍රියා කර තිබුණි. ජාතික ඔලිම්පික් කමිටුවේ මේ ක‍්‍රියාකලාපය දෝෂ දර්ශනයට ලක් කළ ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා, ක‍්‍රීඩා අමාත්‍යංශය නොමග යවමින් ලබාගත් අනුමැතීන් වහාම බල රහිත කරන ලෙස ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා වෙත දන්වා යවා තිබේ. බොක්සිං ක‍්‍රීඩාව සම්බන්ධයෙන් නම කියැවෙන මෙරට එක්තරා ඇඟළුම් සමාගමක ක‍්‍රීඩා සමාජයේ පුහුණුකරුවන් ලෙසින් කටයුතු කරන යුක්රේන ජාතික වී.වී. ව්ලැඩිමියර් සහ හිටපු ක‍්‍රීඩකයකු වන මංජු වන්නිආරච්චි, මෙසේ ජාතික තේරීම් කමිටුවේ නිර්දේශයට පිටින් ශ‍්‍රී ලංකා කණ්ඩායමට නම් කර ඇත. අදාළ ඇඟලූම් සමාගම මෙවර ආසියානු ක‍්‍රීඩා උළෙල නියෝජනය කරන ශ‍්‍රී ලංකා කණ්ඩායමට ක‍්‍රීඩා ඇඳුම් ලබාදීමට කටයුතු කර ඇති බවටත් එම සමාගමේ අවශ්‍යතාව පරිදි ඔවුන්ගේ ක‍්‍රීඩා සමාජයේ පුහුණුකරුවන් දෙදෙනා කණ්ඩායමට එක්කිරීමට ජාතික ඔලිම්පික් කමිටුව ක‍්‍රියා කර ඇති බවටත් රාවයක් පැතිර යයි. සිය අනුමැතියට පිටින් මේ අයුරින් පුහුණුකරුවන් එක් කර ඇති බව සැලවූ වහාම 2018 අගෝස්තු 18 දාතමින් ක‍්‍රීඩා අමාත්‍යවරයා වෙත ලිපියක් යැවූ ජාතික තේරීම් කමිටුව, අදාළ සංචාරය සඳහා තම නිර්දේශය හිමි පුහුණුකරුවන් වන අමිල අරවින්ද සහ ඩයන් ගෝමස් යන දෙදෙනා පමණක් එම කාර්යය සඳහා ප‍්‍රමාණවත් බව දක්වා ඇත.
 

More News..