brand logo

ජාතික ඉතිරි කිරීමේ බැංකුව ‘‘විශිෂ්ට කළමනාකරුවන් සහිත ආයතනයක්’’ ලෙස ගෞරවයට පාත්‍ර වේ

29 September 2020

නායකත්ව විශිෂ්ටත්වය සඳහා වන කොළඹ නායකත්ව ඇකඩමිය (Colombo Leadship Academy for Leadership Excellence) විසින් සංවිධානය කරන ලදුව මෑතකදී පැවැති 2020 විශිෂ්ට කළමනාකරුවන් සඳහා වන සම්මාන උළෙලෙහි දී (Great Manager Awards 2020) ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කළමනාකරුවන් සහ කළමනාකාරිණියන් පස් දෙනකු කාණ්ඩ සතරක් යටතේ සම්මාන දිනාගනිමින් ජාතික ඉතිරිකිරී‍මේ බැංකුව ‘‘විශිෂ්ට කළමනාකරුවන් සහිත ආයතනයක්’’ ලෙස ගෞරවයට පාත්‍ර විය. ඒ අනුව ජාතික ඉතිරිකිරීමේ බැංකුව මෙම සම්මානයෙන් පිදුම් ලද ප්‍රථම රාජ්‍ය බැංකුව බවට පත් විය. මෙහිදී ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කළමනාකරුවන් ලෙස කටයුතු කරන සී.එන්. ඒකනායක මිය, ජේ.එම්.ඒ.කේ. ජයසිංහ මිය සහ දුලක්ෂි ටාෂියා පෙරේරා මිය පිළිවෙළින් ‘ප්‍රතිඵල වේගවත් කිරීම’ (Driving Results and Execution) ‘සෙසු සාමාජිකයන් වර්ධනය කරා මෙහෙයවීම’ (Coaching others for growth) ආයතනික දැක්ම ශක්තිමත් කිරීම’ (Aligning Organzational Vision) යන කාණ්ඩ යටතේ විශිෂ්ට කළමනාකරුවන් සඳහා සම්මාන දිනාගත් අතර වී.එස්. ෆර්නෑන්ඩු මහතා සහ ඩී.සී. ඔලබොඩුව මහතා ‘කණ්ඩායම් ඵලදායිතාවය සහ සහයෝගය’ (Team Effectiveness and Collaboration) යන කාණ්ඩය යටතේ විශිෂ්ට කළමනාකරුවන් සඳහා වන සම්මාන ලබාගත්හ.
 

More News..